බ්‍රසීලයේ මරණ 94,000 පසු කරයි



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ අද (3) 94,000 පසු කළේය.

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 25,800 ක් හමුවීමත් සමඟ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 2.73 තෙක් ඉහළ ගියේය.

කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අතින් ඇමෙරිකාවට පසුපසින් ලොව දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවා කොරෝනා ආසාදිතයකු විය. මේ වනවිට ජනාධිපතිවරයා සුවය ලබා සිටින නමුත් ඔහු පෙනහළු ආසාදනයකට ලක් වී ප්‍රතිකාර ලබමින් සිටී. ජනතපතිවරයා සුවය ලබද්දී ජනපති ආර්යාව මිෂෙල් කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS