පළුදු වූ විශ්වාසය තහවුරු කරන්න



පළුදු වූ විශ්වාසය තහවුරු කිරීමට හැකි නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ යළි එක් වීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් යැයි ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇමෙරිකාව සියලු ඇයිහොඳයිකම් නවත්වන බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පැවැසුවේ පසුගිය සති අන්තයේය. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානය වගකීමෙන් කටයුතු නොකළ බවට චෝදනා කරමිනි.

‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිසිවේලාවට නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් චීනයේ කීමට අනුව කටයුතු කළ බවටත් ජනපති ට්‍රම්ප් චෝදනා කර ඇත. ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් සහ එහි ආරම්භය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රශ්න කළ යුතු බවත් ජනපති ට්‍රම්ප් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියා මාර්ග ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන්නේ නම්, යළි ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්වීමට  ජනපති ට්‍රම්ප් සූදානමින් සිටින බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS