නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගනී



නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා එර්ඩන්ගේ විවාහ ගිවිසගත් බව එරට පුවත් සේවා වාර්තා කළේය.

අගමැතිනිය විවාහ ගිවිසගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ එකට ජීවත් වූ ඇගේ පෙම්වතා ක්ලාක් ගේෆෝඞ් සමඟය. අගමැතිනියගේ විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නවසීලන්ත පුවත් සේවා දැනගත්තේ ඊයේ දිනයේය.

ඒ, අගමැතිනිය සුපුරුදු පරිදි දෛනික රාජකාරි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. අගමැතිනිය දියමන්ති මුදුවක් පැළඳ සිටිනු දුටු මාධ්‍යවේදීන්, ඒ ගැන විමසන්න විය. තමාගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණු බව අගමැතිනිය හෙළි කළේ එවිටය. මංගල උත්සවයක් පැවැත්වීමට නියමිත බවත්, එය ඉදිරියේ පැවැත්වෙනු ඇති බවත් අගමැතිනිය කියා සිටියාය.

ක්ලාක් ගේෆෝඞ් රූපවාහිනී නිවේදකයකු ලෙස කටයුතු කළ අයෙකි. 38 හැවිරිදි අගමැතිනී ජැසෙන්ඩා සහ ගේෆෝඞ් ට දියණියක සිටී. ඇයට මාස 10 කි. අගමැතිනිය රාජකාරි කරද්දී නිවසට වී දියණිය බලා ගැනීම කරන්නේ 41 හැවිරිදි ගේෆෝඞ් ය. දියණියගේ නම නේව් ටෙ අරෝහා එර්ඩන් ගේෆෝඞ්ය.

පසුගිය වසරේ, අගමැතිනී ජැසෙන්ඩා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට නිව්යෝක් නුවරට ගියේය. ඒ, දියණිය සහ ක්ලාක් ද සමඟය.

වෙලිංටන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS