ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා බර්නි සැන්ඩර්ස්ද?



ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝග කරන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා බර්නි සැන්ඩර් වීමට ඉඩ ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනපති ට්‍රම්ප් සිය දෙවැනි මෙන්ම අවසන් ධුර කාලය වෙනුවෙන් තරග වදිනු ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයෙනි. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස වෙනම ඡන්ද සටනක් පැවැත්වෙයි.

ඒ, ඩිමොක්‍රටික් පක්ෂිකයන් අතරේ ඡන්ද විමසුමකිනි. අවසානයේ එම ඡන්ද සටනින් ජය ගන්නා අපේක්ෂකයා ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වනු ඇත. ඒ අනුව, දැනට ඉදිරියෙන් සිටින්නේ 78 හැවිරිදි බර්නි සැන්ඩර්ස් බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(රොයිටර්)


RECOMMEND POSTS