ජපන් රෙස්ලිං ශූරිය මියයයි



ජපානයේ වෘත්තීය මට්ටමේ රෙස්ලිං ශූරියක ලෙස නමක් දිනා සිටි හනා කිමුරු දිවියෙන් සමුගත් බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 22 කි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

කෙසේ නමුත් පසුගිය කාලයේ අන්තර් ජාලය ඔස්සේ තමන්ට නිතර හිරිහැර සිදුවුණු බවට කිමුරු දැඩි කසන්නල්ලෙන් පසුවුණැයි ජපන් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

අවසන් වරට ඇය ඉන්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් දමා ඇත්තේ තමන් සමු ගැනීමට සූදානමින් සිටින බවය.

(බීබීසී)


RECOMMEND POSTS