ජගත් මහ ලේකම්ගෙන් පැසැසුම්



අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කරමින්, උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ආරම්භ වුණු සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සිය ප්‍රසාදය පළ කර තිබේ.

2015 වසරේ සිට ඇණහිට තිබුණු උතුරු කොරියා දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වූයේ දෙරටටම පොදු දේශසීමා ගම්මානයේය.

සාකච්ඡා සාර්ථක වුවහොත් කොරියානු අර්ධද්වීපය කේන්ද්‍රකොට ගනිමින් නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් එය ලෝක දේශපාලනයේ විශාල පෙරැළියක් වනු ඇති බවත් තම විශ්වාසය යැයි ජගත් මහ ලේකම්වරයාගේ අදහස වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS