ඔක්තෝබරයේ හැමෝටම එන්න දෙනවා



‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලොව පුරා රටවල් රැසක් එන්නත් නිර්මාණයට යොමු වී සිටී. එම කටයුතු ලහිලහියේ සිදුවන අතර, එන්නත් නිර්මාණය සම්බන්ධයෙන් පවතින්නේ තරගයකි.

ඉකුත් සතියේ රුසියාව නිවේදනය කළේ එරට විද්‍යාඥයන් නිර්මාණය කළ එන්නත සාර්ථක බවය. අවසන් අදියරේ අත්හදා බැලීම් තවමත් සම්පූර්ණ නැතත්, රුසියන් රජය එම එන්නත සඳහා අනුමැතිය දී තිබේ.

ලබන ඔක්තෝබරයේ රුසියානුවන් සියලු දෙනාට එන්නත ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව රුසියන් සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ. මේ වනවිට රුසියාව ජාත්‍යන්තර ගුවන් ගමන් පවා ආරම්භ කර තිබේ.

තමන්ට පෙර රුසියාව හෝ චීනය හෝ ‘කොවිඞ් 19’ වයිරසය පරාජය කළ හැකි සාර්ථක එන්නතක් සොයා ගත්තොත්, එම එන්නත ඇමෙරිකානුවන්ට ලබා නොදෙන බව ට්‍රම්ප් පරිපාලනය පෙන්වා දී තිබේ.

ඇමෙරිකා රජය මේ වනවිට ඇමෙරිකාව තුළත්, ජර්මන් සහ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් සමගත් එක්වෙමින්, එන්නත් නිපදවීමය යොමු වී සිටී. චීනය පවසා ඇත්තේ තමන් එන්නතක් නිපදවූවොත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ ලොවට ලබා දෙන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS