උතුරු කොරියා නායකයා ‘මොඞ්’ වෙලා



අවුරුදු උදාවත් සමඟ ඇමෙරිකාවට තර්ජනය කරමින්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිය සුබ පැතුම ප්‍රකාශයට පත් කළේ සුපුරුදු ඇඳුම වෙනස් කරමින් බටහිර වැසියකු සේ ටයිකෝට්වලින් සැරැසීය.

උතුරු කොරියානු නායකයාගේ මෙම ‘වෙනස’ බටහිර මාධ්‍ය අවධානයට ලක් වී ඇතැයි ද පැවැසෙයි.

කිම් ජොන් උන් සාමාන්‍යයෙන් පළඳින්නේ ‘මාඕ’ ඇදුමකිනි. නව වසරත් සමඟ ඔහු එය වෙනස් කර ඇතැයි ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. උතුරු කොරියානු නායකයාගේ මෙම වෙනස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවුණු පෙරැළියක් බව ද මාධ්‍ය කියා සිටී.

නව අවුරුදු සුබ පැතුමේ දී ඇමෙරිකාවට තර්ජනය කිරීමට කිම් ජොන් උන් අමතක නොකළේය. ඔහු කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රාජ්‍යයක් බවත්, පහරදීමක් සඳහා රටේ න්‍යෂ්ටික අවිවල යතුර (බොත්තම) ඇත්තේ තමා සතුව බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙයට පිළිතුරක් දෙමින් උපහාසයෙන් යුතුව පවසා ඇත්තේ ‘උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි බොත්තමට වඩා ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවි සඳහා ඇති බොත්තම ලොකුයි’ කියාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS