ඉන්දුනීසියානු වැසියෝ වැස්ස ඉල්ලා කන්නලව්



ඉන්දුනීසියාවේ වනාන්තරවල හටගත් ළැව් ගිනි පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් ඉන්දුනීසියා වැසියෝ වැසි ඉල්ලා කන්නලව් කරන බවත් වාර්තා වේ.

ඊයේ (13) ඉන්දුනීසියාවේ බෙකන්බාරෝ නුවරට දස දහස් ගණනින් එක්වුණු ඉන්දුනීසියා වැසියන් වැසි ඉල්ලා කන්නලව් කළ බව පැවැසෙයි. මෙම අවස්ථාවට ඉන්දුනීසියා ගෝත්‍රික වැසියෝ රැසක් ද සහභාගී වී සිටියහ.

ළැව් ගිනි පැතිර යන්නේ ඉන්දුනීසියාවේ බෝනියෝ සහ සුමාත්‍රා දූපත්වල පිහිටි වනාන්තර කේන්ද්‍රකොට ගනිමිනි. නැගෙන විස දුමාරය ඉන්දුනීසියාව පමණක් නොව අසල්වැසි මැලේසියාව සහ සිංගප්පූරුව තෙක් පැතිර ගොස් ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS