ඉන්දියාව වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතරට



‍'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වූ රටවල් 10 අතර ඉන්දියාව ද සිටින බව පැවැසෙයි.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 6,977 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 1.38 ඉක්මවා ඇති බව වාර්තා වේ. මරණ ගණන 4,000 කි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වුණු 'කොවිඩ් 19' වයිරසය මේ වනවිට රටවල් සහ පාලන ප්‍රදේශ 196 ක් පුරා පැතිර ගොස් අවසන්ය.

‍ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ බ්‍රසීලයයි. රුසියාව සහ එක්සත් රාජධානිය ද වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල් අතර වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS