ඉන්දියාවේ ආසාදිතයෝ 8,000 ක්



ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව ආසාදිතයන් ගණන 8,00,000 පසු කිරීමට නියමිත බව වාර්තාවේ.

ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් ගණන 26,506 ක් යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පැවැසූහ.

මේ වනවිට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන රටවල් අතරින් තෙවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 21,000 කි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව වසා දැමීම කළේ පසුගිය මාර්තුවේය. කෙසේ නමුත් ජූනි මාසයේ රට යළි විවෘත කළේ රටේ ආර්ථිකයට එල්ල වන බරපතල පාඩුව මඟහරවා ගැනීමටය.

ඉන්දියාවේ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් යළිත් වරක් වාර්තා වීමට පටන් ගත්තේ ඒ අනුව යැයි ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS