ආසාදිතයෝ මිලියන 5 ක්



ලතින් ඇමෙරිකා රටවලින් වාර්තා වන ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 5 ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

චීනයෙන් ඇරැඹු කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමෙරිකා කලාපීය රටවල්ය. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ලතින් ඇමෙරිකා රටවලින් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඊට අමතරව, මෙක්සිකෝ, කොලොම්බියා, වෙනිසුලා, පේරු ඇතුළු රටවලින් දිනපතා වැඩි වැඩියෙන් ආසාදිතයන් වාර්තා වෙයි.

 කොලොම්බියාවෙන් නව ආසාදිතයෝ 10,000 ක් වාර්තා විය. ලතින් ඇමෙරිකා රටවල ආසාදිතයන් ගණන මිලියන 5 පසු කළේ ඒ අනුවය.

මෙක්සිකෝවෙන් දිනකට ආසාදිතයන් 9,000 බැගින් වාර්තා වන බවත්, ආසාදිතයන් අතින් මෙක්සිකෝව මේ වනවිට මහා බි්‍රතාන්‍යය අභිබවා ගොස් ඇති බවත් පැවැසෙයි. මෙක්සිකෝවේ සමස්ත ආසාදිතයන් ගණන 4,43,813 කි. මරණ වාර්තා වන්නේ 221 ක් ලෙසිණි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS