’ඔමික්‍රෝන්’ විකෘතියේ බිහිසුණු බවක් පෙනෙන්න නෑ



'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය, ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන නමුත්, එය බිහිසුණු විකෘතියක් නොවන බව මූලික පරීක්ෂණවලින් තහවුරු වූ බව ඇමෙරිකා වසංගත රෝග විශේෂඥ ඇන්තනි ෆවුචි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේ, තවමත් ලොව කිසිම තැනකින් 'ඔමික්‍රෝන්' මරණයක් වාර්තා වී නොමැති බවය. ලොව නන්දෙසින් 'ඔමික්‍රෝන්' ආසාදනය වූ ආසාදිතයන් නිවෙස්වල රැඳී නිරෝධායනය වී ප්‍රතිකාර ලබන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS