‘ස්පුට්නික්’ එන්නත පළමු වැනිදා සිට ඉන්දියාවට



‘ස්පුට්නික් 5’ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබන මැයි පළමු වැනිදා ඉන්දියාවට ලබා දෙන බව රුසියාව පවසයි.

රුසියන් විද්‍යාඥයන් විසින් නිපදවූ මාත්‍රා දෙකකින් සමන්විත ‘ස්පුට්නික් 5’ එන්නත විදේශවලට අපනයනය සිදු කරන්නේ රුසියාවේ ‘සෘජු ආයෝජන අරමුදල’ හරහාය.

එහි ප්‍රධානී ක්‍රීල් දිමිත්‍රේව් ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසුවේ ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මණින් එරටට එන්නත් ලබා දීමට තීරණය කළ බවය.

දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවා වාර්තා වීමත් සමඟ ඉන්දීය රජය කීරණය කර ඇත්තේ ලබන මැයි පළමු වැනිදා සිට එරට අවුරුදු 18 වැඩි සියලු දෙනා එන්නත් කරන බවය.

මේ වනවිට ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන්නේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් පමණි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS