‘නක්බා දිනය’ සැමරේ



ඊශ්‍රායල නිදහස් දිනය හෙවත් ‘නක්බා දිනය’ පෙරේදා (12) ට යෙදී තිබුණු අතර, ඊශ්‍රායලයේ කෙණෙහිලිකම්වලට ලක්වන පලස්තීනුවන් ඊට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණි.

පලස්තීනුවන්ට හිමි භූමි ප්‍රදේශය, ඊශ්‍රායලය බලහත්කාරයෙන් අත්පත් කරගත් දිනය ‘නක්බා දිනය’ යනුවෙන් පලස්තීනුවන් විසින් නම් කරනු ලැබ තිබේ.

විරෝධතාවට එක්වුණු පලස්තීනුවෝ ‘නිදහස් පලස්තීනයක්’ යනුවෙන් කෑ කෝ ගසන්න වූහ.

මීට අමතරව කැනඩාවේ, ජර්මනියේ වෙසෙන පලස්තීනුවන් ද ඊශ්‍රායල විරෝධී රැළිවලට එක් වුණු බව ද වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS