‘ජී20’ සමුළුව ඔසාකා නුවරදී ඇරැඹේ



ලොව ආර්ථික බලවත් රටවල් 19 ක රාජ්‍ය නායකයන් සහ යුරෝපා සංගමය එක් වී පිහිටුවා ගත් ‘ජී20’ කණ්ඩායමේ වාර්ෂික සමුළුව අද (28) ජපානයේ ඔසාකා නුවරදී ආරම්භ විය.

ආර්ථික, වෙළෙඳ, ත්‍රස්තවාදය පිටුදැකීම, පාරිසරික අර්බුද ආදී ලොවට බලපෑමක් කරන අර්බුද රැසක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයෝ හමුවී සකච්ඡා පැවැත්වූහ.

කාලගුණ විපර්යාස සහ ගෝලිය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි.

සමුළුවට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද ‘ජී20’ සමුළුවට සහභාගී වෙයි. රාජ්‍ය නායකයන් සියල්ලන්ම එක් වී, ප්‍රධාන ඡායාරූපයට පෙනී සිටිද්දී, ට්‍රම්ප් අතට අත දෙමින් සෞදි කුමරුන් උණුසුම් ලෙස පිළිගත්තේය.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය මුල්කොට ගනිමින්, කිසිම අවස්ථාවක සෞදි කුමරුන් තරහා කර ගන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS