‘ජී20’ ට විරෝධයක්



‘ජී20’ සමුළුවට විරෝධය දැක්වීමට පැමිණ සිටි විරෝධතාකරුවන් අතර හොංකොං විරෝධතාකරුවන් පිරිසක් ද සිටි බව ජපන් පොලිසිය කියයි.

හොංකොං විරෝධතාකරුවන් විරෝධතාවට එක් වූයේ, චීන ජනාධිපති ෂී ජින්පින්ට විරෝධය පළ කරමිනි. ඒ, චීනයට අයිති වුවත්, වෙනම පාලනයක් ඇති හොංකොං වෙත චීනය කරන බලපෑම්වලට විරෝධය දැක්වීමක් ලෙසය.

‘ජී20’ සමුළුව ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වෙයි. සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS