‍ඉන්දීය බුද්ධි අංශ යළි අනතුරු අ‍ඟවයි



ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජන එල්ල විය හැකි යැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

ඉන්දීය බුද්ධි අංශ, ලිපි තුනක් යවමින්, මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් ප්‍රධානීන් දැනුවත් කර ඇති බව ද ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ සිරියාවෙන් සහ ඉරාකයෙනි.

අද වනවිට ඉරාකයෙන් සහ සිරියාවෙන් අයි.එස්. සංවිධානයේ බලය ගිලිහී ගොස් ඇති හෙයින්, එම සංවිධානය ඉන්දීය සාගර කලාපීය රටවල ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට වෙර දරණ බව ඉන්දීය බුද්ධි අංශ පැහැදිලි කර තිබේ.

ඉන්දීය බුද්ධි අංශ පොලිස් ප්‍රධානීන්ට යැවූ ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද සඳහන් කර ඇති බව ද පැවැසෙයි.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් සියයක පමණ පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.

අයි.එස් සාමාජිකයින් රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS