ළිඳට වැටුණු පොඩ්ඩා බේරිලා



අවුරුදු අටක පිරිමි දරුවකු අඩි හැටක (මීටර් 20ක) ගැඹුරු ලිදකට වැටීමේ පුවතක් එමිරේට්ස් රාජ්‍යයේ අල්- බාදියා ප්‍රදේශයෙන් වාර්තා වේ. 

ලිද අසලින් ගමන් කල ආසියාතිකයෙකුට දරුවකුගේ කෑගසන හඩ ඇසී ඇති අතර ඔහු පරීක්ෂා කරන අවස්ථාවේදි ලිද තුල දරුවකු සිටින බව දැක ඇත. 

ඔහු වහාම ෆුජයිරාහ් පොලීසිය දැණුවත් කිරීමට පියවර ගත් අතර දරුවා බේරාගැනීම සදහා පොලිස් නිලධාරීන් වහාම පියවර ගත්තේය.

අලී-කාමිස් අල්-කුසාමි නම් පොලිස් නිලධාරීයා කඹයක ආධාරයෙන් ලිද තුලට බැස දරුවා රැගෙන ගොඩට පැමිණ ඇති අතර ප්‍රතිකාර සදහා දරුවා රෝහල ගත කර ඇත.

වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව දරුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන හෙයින් ප්‍රතිකාර රැගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS