ළැව් ගිනි අවසන් නෑ



ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ප්‍රාන්ත කිහිපයක පැතිර යමින් පවතින ළැව් ගිනි තව තවත් දරුණු වී ඇති බවත්, මරණ සංඛ්‍යාව 48 තෙක් ඉහළ ගොස් ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.

ළැව් ගිනි හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ගොඩනැගිලි 57,000 ක් විනාශ වී ඇති අතර 26,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද පැවැසෙයි.

පවතින වියළි කාළගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ඒවා පාලනය කිරීම ගිනි භටයන්ට අසීරු වී ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS