හොංකොං විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්



හොංකොං රජයට එරෙහිව විරෝධතා පවත්වන විරෝධතාකරුවන් විසිරුවා හැරීමට හොංකොං කැරැළි මර්දන පොලිසිය දිනයේ ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් හොංකොං හි දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත. හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමුණි. හොංකොං ගුවන්තොටුපොළ යනු ලොව වඩාත් කාර්ය බහුල ගුවන්තොටුපොළවලින් එකක් යැයිය පැවැසෙයි.

හොංකොං හි විරෝධතා ආරම්භ වූයේ මීට සිවු දිනකට පෙරය. විරෝධතා පැවැත්වෙන්නේ, හොංකොං පාලකයන්, චීන රජයේ බලපෑමට අනුව තීන්දු තීරණ ගන්නා බවට චෝදනා කරමිණි. විරෝධතා පැවැත්වූයේ තායි පෝ ප්‍රදේශයේය. පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර එහි පිහිටි උමං දුම්රිය ස්ථානයට ද එල්ල විය. එම අවස්ථාවේ දුම්රිය පොළේ සිටි හොංකොං වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු බව ද වාර්තාවේ.

හොංකොංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS