හොංකොං ආරක්ෂක නීතියට අනුමැතිය



චීන රජය, හොංකොං සඳහා හඳුන්වා දීමට සූදානම් වන ‘නව ආරක්ෂක නීතිය’ සම්බන්ධ පනත් කෙටුම්පත චීන පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම, චීනයෙන් වෙන්වීමට උත්සාහ දැරීම, චීනයට එරෙහිව කැරැළි ගැසීම, විදේශ කුමන්ත්‍රණකාරීන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීම හොංකොං වැසියන්ට තහනම් කරමින් මෙම නව ආරක්ෂක නීතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

මෙම නව ආරක්ෂක නීති පද්ධතිය මගින්, හොංකොං පාලක මණ්ඩලයේ තීන්දු තීරණ අභිබවා යෑමට පවා චීනයට හැකිවෙයි. චීන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම කෙනකු ඕනෑම තීරණයක් මර්දනය කිරීමට චීන රජයට බලය හිමිවන බව ද පැවැසෙයි.

‘නව ආරක්ෂක නීතිය’ සම්මත කරගත් අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් කියා සිටියේ, එම නව නීතිය හොංකොං ජාතික ආරක්ෂාවටත්, චීනයේ ජාතික ආරක්ෂාවටත් ඉතා වැදගත් වනු ඇති බවය.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS