හෙට සිට සැමට එන්නත්



ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට හෙට (1) සිට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබේ.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය.

එය අදියර කීපයක් යටතේ ආරම්භ වුණු අතර කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගත් බැවින්, පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සෑම ඉන්දියානුවකුටම එන්නත් ලබා දීම ආරම්භ කෙරුණි.

පසුගිය ජනවාරියේ ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් එන්නත් ලැබී ඇත්තේ ඉන්දියාවේ සියයට 4 කට පමණි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS