හිටපු ජනපති ආර්යාවට සිර දඬුවම්



දූෂණ චෝදනාවලට ලක් වී සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මාර්කෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා මාර්කෝස් එම චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූවාය.

1965 වසරේ සිට 1986 තෙක් කාලයේ, ෆර්ඩිනැන්ඞ් මාර්කෝස් පිලිපීනයේ ජනාධිපති ධුරය හොබවද්දී, ඉමෙල්ඩා සුඛෝපබෝගී ජීවිතයක් ගත කළාය. මිල අධික සපත්තු එකතු කිරීමට ඇය පෙළෙඹී සිටියාය. 1989 වසරේ දී ෆර්ඩිනැන්ඞ් මාර්කෝස් දිවියෙන් සමුගත්තේය.

ඊට අමතරව ඇය ස්විට්සර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති බවට චෝදනා එල්ල වී තිබුණි. නඩු විභාගය පැවැත්වූයේ එම චෝදනා සම්බන්ධයෙනි.

අධිකරණය තීන්දුව ලබා දෙන අවස්ථාවේදී 89 හැවිරිදි ඉමෙල්ඩා අධිකරණයට පැමිණ සිටියේ නැත. ඇය වහා අත්අඩංගුවට ගන්නැයි විනිසුරුවරයා පොලිසියට දැනුම් දුන් බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS