හැරී මෙගාන් රජ පවුල හැර යති



පෙර දැනුම් දුන් ආකාරයට රජ පවුලෙන් ඉවත් වී ආර්ථිකමය වශයෙන් ස්වාධීන වී, සියලූ නම්බු නාම අත්හරින බව බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් පවසා ඇත.

දෙවැනි එලිසබත් රැුජින ද තම මුණුපුරා ගත් තීරණයට ගරු කරමින් ඔහුටත් ඔහුගේ බිරිඳටත් නිදහසේ පෞද්ගලිකව ජීවත් වීමට අවස්ථාවක් දී ඇත. හැරී මෙගාන් යුවලට මාස 8 ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැටන් ය.

රජ පවුලෙන් ඉවත් වී ආර්ථිකමය වශයෙන් ස්වාධීන වෙද්දී, හැරී මෙගාන් බි‍්‍රතාන්‍ය වැසියන්ගේ අරමුදල්වලට හිමිකම් නොකියන බව ද බි‍්‍රතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS