හමුව යළි පැවැත්වෙන ළකුණු



උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු එරට රජයේ නියෝජිතයන් දිගින් දිගටම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, අවලංගු කරන ලද ‘සාම සමුළුව’ යළි පැවැත්වීමට තමන් කටයුතු කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ සිංගප්පූරුවේදීය. ඒ, ලබන 12 වැනිදාය. උතුරු කොරියානුවන්ගෙන් දිගින් දිගටම එල්ල වුණු ‘එදිරිවාදිකම්’ සැලකිල්ලට ගනිමින් සමුළුව අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කළේය.

උතුරු කොරියා නායකයා තමන් හමුවීමට ලොකු උන්නදුවක් දක්වන බවත්, එය සැළකිල්ලට ගනිමින් යළි නියමිත පරිදි සමුළුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
හමුව පැවැත්වීම සිදුවන අයුරු සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීමට ධවල මන්දිරයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් සිංගප්පූරුව බලාගොස් සිටින බව ද ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS