හමුදාවේ සහාය දිගටම මදුරෝට



විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පමණක් නොව ඇමෙරිකාව විසින් ද වෙනිසියුලාවේ ‘අන්තර්වාර ජනාධිපති’ ලෙස විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ නම් කිරීමත් සමඟ වෙනිසියුලා හමුදාව පවසා ඇත්තේ තම සහාය දිගටම වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපති නිකලස් මදුරෝට ලබා දෙන බවය.

විපක්ෂ ක්‍රියාකාරීන් ඔවුන්ට හිතවත් හමුදා නිලධාරීන් කිහිප දෙනකු ද සමඟ හමුදා කුමන්ත්‍රණයක් පවා ආරම්භ කර තිබුණු නමුත් එය අසාර්ථක විය. විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ ජනතාව අමතමින් පවසා ඇත්තේ දිගින් දිගටම මදුරෝට එරෙහි වීදි බැස විරෝධතා දක්වන ලෙසටය.

කැරැකස්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS