හමුදා මුරපොළ ඉවත් කෙරේ



උතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගත්හ.

උතුරු ​සහ දකුණු කොරියාව අතරේ මේ වනවිට යහපත් සබඳතා පවතී. ඒ, උතුරු කෙරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවීමත් සමගය.

දෙරට අතර ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ මෙම පන්මුන්ජොන් සාම ගම්මායේදීය.

හමුදා මුරපොළ ඉවත් කිරීම සහ ආයුධ ඉවත් කිරීම හරහා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හොඳහිත තවත් ශක්තිමත් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS