හමාඩ් වෛද්‍යායතනයෙන් නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ සේවාවක්



හමාඩ් වෛද්‍යායතනය නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ සේවාවක් හදුන්වා දී ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් හදිසි නොවන රෝගීන් සදහා සේවාවන් සැපයීමට අධිතාක්ෂණයෙන් යුත් ගිලන් රථ භාවිතා කිරීමයි. 

මෙහි කාර්ය මණ්ඩල කළමනාකරණ හැකියාව සහ ඉලෙක්ට්‍රොනික වශයෙන් රෝගි සායනික වාර්තා ලබාගැනීමේ හැකියාව ඇත.

මෙම සේවාව මගින් රෝගීන්ට ඕනැම ස්ථානයක සිට ඉතා පහසු ආකාරයෙන් තම සේවාවන් ලබාගැනීමට හැකිවේ.

කාර්ය මණ්ඩල කළමනාකරන සේවාව මගින් දුරකථන පහසුකම් ලබාගැනීම, රෝගීන් රෝහල් වෙත රැගෙන යෑම සහ නිවසටම පැමිණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

ඉලෙක්ට්‍රෝනික් දත්ත සටහන ක්‍රමය මගින් සියලුම රෝගීන්ගේ තොරතුරු ලබාගෙන ගබඩා කර අවශ්‍ය අවස්ථාවන් වලදී එම තොරතුරු ලබාගැනීමේ හැකියාව සෞඛ්‍ය නිලධාරීන්ට ලැබෙනු ඇත.

මෙය වඩාත් ඵලදායි සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා අත්‍යවශ්‍ය දෙයක් වේ.

 

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS