හඳට යන්න අලුත් ඇඳුමක්



2024 දී ඇමෙරිකා නාසා ආයතනය යළිත් වරක් සඳ තරණයට සැරැසෙයි. ‘ආටිමිස්’ යනුවෙන් නම් කළ මෙම චන්ද්‍ර වික්‍රමයට ගගනගාමීන් යුවලක් සම්බන්ධ කිරීමේ අදහසක් නාසා සතුව පවතී. ඒ අනුව, ගගනගාමියකු සමඟ ගගනගාමිනියක සඳට පය තබනු ඇත.

‘ආටිමිස්’ මෙහෙයුම සම්බන්ධයෙන් ගැටලු කීපයක් පවතින හෙයින්, 2024 දී යළි සඳ තරණය සිදුවේවිදැයි සැකයක් ද පවතී. එය තවත් වසර කීපයක් ප්‍රමාද වනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

‘ආටිමිස්’ මෙහෙයුම සඳහා ගගනගාමීන් පලඳින නව ගගන ඇඳුම් කට්ටලය හඳුන්වා දීම පසුගිය දා වොෂින්ටන් අගනුවර නාසා මූලස්ථානයේදී සිදුවිය. ඒ, නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින්ගේ ප්‍රධානත්වයෙනි. නාසා ඉන්ජිනේරුවන් මෙම නව ගගන ඇඳුමින් සැරැසී මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියේ විලාසිතා දැක්මකට එක්වුණු නිරූපණ ශිල්පීන් මෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS