හඬ පටයක් එළියට: යුක්රේන අගමැති ගෙදර



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විවේචනය කිරීමේ හඬපටයක් ප‍්‍රසිද්ධියට පත් වීමත් සමඟ යුක්රේන අගමැති ඔලෙක්සි ගොන්චාරුක්ට සිය ධුරය අහිමි විය.

අගමැති ඔලෙක්සි ගොන්චාරුක්, යුක්රේන ජනපති සෙලෙස්කි විවේචනය කර ඇත්තේ ජනපතිවරයාගේ ආර්ථික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙනි.

එම හඬ පටය මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වෙද්දී, න අගමැති ඔලෙක්සි ගොන්චාරුක්ට රජයෙන් පමණක් නොව යුක්රේන වැසියන්ගෙන් ද දැඩි එල්ල විය. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට එම විරෝධතා හේතුවක් විය.

තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සෙලෙස්කිට අපහාස කළේ හෝ අගෞරව කළේ හෝ නැතැයි අගමැති ඔලෙක්සි තරයේ පවසා ඇත.  එය තමා කළ ප‍්‍රකාශයක් නොව, තමාගේ හඬට සමාන අයුරින් නිර්මාණය කළ හඬ පටයක් යැයි යුක්රේන අගමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. ඒ, ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි නිවේදනය කළ අවස්ථාවේදීය.

කීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS