සෞදියේ අමානුෂික පහරදීමක්. ආරක්ෂක අංශ නිළධාරීන් ගැටුම සමතයකට පත්කරයි



සෞදි ජාතිකයින් පිරිසක් සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට අමානුෂික ආකාරයෙන් පහරදීමට පටන් ගත් අතර එම සාප්පු සංකීර්ණය අයත් වෙළදසැලක සිටි සේවකයින් එම පුද්ගලයා බේරාගැනීමට මැදිවීමත් සමගම එය විශාල ගැටුම්කාරී තත්වයකට පත්විය. 

පසුව අනාවරණය වුයේ පහරකෑමට ලක්වූ පුද්ගලයා සාප්පු සංකීර්ණය අයත් වෙළදසැලක සේවකයෙකු බවයි. 

සාප්පු සංකීර්ණයේ ආරක්ෂක අංශ නිළධාරීන් පැමිණ ගැටුම සමතයකට පත් කල අතර සිද්ධියට සම්බන්ධ සියළුම දර්ශන සංප්පු සංකීර්ණයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇත. 

මෙම තරුණයාට පහරදී ඇත්තේ ඔහුගෙන් පළිගැනීම සදහා බව සමාජජාලා වෙඩ් අඩවි භාවිතා කරන ඔහුගේ යහළුවන් තම ගිණුම් හරහා  සදහන් කර තිබුණී. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS