සෞදියට ෂෙල් වෙඩි ප්‍රහාරයක්



යේමන දේශ සිමාවේ සිට හවුති ගරිල්ලන් විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයක් සෞදි අරාබියේ නජ්රන් ප්‍රදේශයේ නිවාස පිහිටිඇති ප්‍රදේශයකට පතිතවීම හේතුවෙන් සෞදි ජාතිකයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනා අතර කාන්තාවක් සහ ගැහැණු ළමයකු සිටින බව වාර්තා වේ.

මහජන ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පැමිණ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන ගිය බවවෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS