සෞදි ව්‍යාපාරිකයකු ඝාතනය කෙරේ: පරීක්ෂණ ඇරැඹේ



සෞදි අරාබියේ‍ ජේඩාහ් නගරයේ ජීවත් වූ පනස්හත් හැවිරිදි ව්‍යාපාරිකයෙකු පසුගියා දා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ සම්බන්ධ අරංචි මාර්ග සදහන් කරයි.

අල්- අමොයිදි නම් මෙම ව්‍යාපාරිකයා මුදල් හුවමාරු සමාගමක අයිතිකරුවකු වේ.

ඔහුගේ මළසිරුර ප්ලාස්ටික් කවරයක ඔතා ගෙනවිත් දමා තිබියදි පොලීසිය විසින් සොයා ගෙන ඇත. 

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරිකයාගේ නිවසින් සෞදි රියාල් මිලියන හතලිහක මුදලක් සොරකම් කරන ලද යේමන ජාතිකයාද ඇතුලක් වේ.  

ගෙල සිර කිරීමෙන් සිදුකල ඝාතනයක් බවට කරණ ලද මුළික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර ඝාතනය සම්බන්ධ පුද්ගලයින් සෙවීම සදහා පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS