සෞදි පොලිස් නිලධාරියකුට වෙඩි



සෞදි අරාබියේ කියුටිෆ් ආණ්ඩුකාර ප්‍රදේශයේදි ත්‍රස්තවාදීන් සහ සෞදි පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වී තවත් නිලධාරියකු තුවාල ලබා ඇති බව සබක් පුවත්පත වාර්තා කළේය.

ආරක්ෂක අංශ ෂිහාට් නගරයට ආසන්නයේ පිහිටා ඇති ගොවිපලක් වටලන අවස්ථාවේදි එම ගොවිපලේ රැදි සිටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ආරක්ෂක අංශ වලට ප්‍රහාරයක් එල්ල කර ඇත.

ත්‍රස්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත්වී තවත් නිලධාරියකු තුවාල ලබා ඇති බව සබක් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS