සෞදි ජනගහනය මිලියන 32.6යි - 37% විදේශිකයෝ



සෞදි සංඛ්‍යා ලේඛන අධිකාරිය නිකුත් කරන ලද නවතම දත්තයන්ට අනුව 2016වර්ෂයේ මුල් මාස 6 සමඟ සංසන්දනය කරන විට 2017 වර්ෂයේ මුල් මාස 6 ඇතුලත සෞදි අරාබියේ ජනගහනය 870,000 කින් වැඩිවී ඇති අතර සමස්ථ ජනගහනය මිලියන 32.6 දක්වා ඉහළ ගොස් ඇත.

සෞදි අරාබියේ ජීවත්වන පුරවැසියන්ගේ සංඛ්‍යාව මිලියන 20.4 දක්වා වැඩිවී ඇති අතර සමස්ථ ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 63%කි.

සෞදි පුරවැසියන් නොවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 12.2ක් දක්වා වැඩිවී ඇති අතර සමස්ථ ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 37%කි.

වයස අවුරුදු 25-44 පසුවන පුද්ගලයින් සමස්ථ ජනගහනයෙන් 40%ක් නියෝජනය කරන බව සෞදි සංඛ්‍යා ලේඛන අධිකාරිය නිකුත් කරන ලද වාර්තා වේ සඳහන් වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS