සෞදි කුමරු ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි.

ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගනිමින් කලාපීය ආරක්ෂාව ගැන සෞදි කුමරු සහ ඇමෙරිකන් ජනපති අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉරානය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ද සෞදි කුමරු සහ ජනපති ට්‍රම්ප් අතරේ විශේෂයෙන් සාකච්ඡා කරුණු බව ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

ඊට අමතරව දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතරේ සාකච්ඡා කෙරුණි. ඇමෙරිකාවත් සෞදි අරාබියත් අතර පවතින සබඳතා මෙම හමුවේදී තව තවත් ශක්තිමත් වුණැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ සෞදි රාජ්‍ය නායකයා මොහොමද් බින් සල්මාන් කුමරුය. සෞදියේ සල්මාන් රජුගෙන් පසු කිරුළ හිමිවීමට නියමිතව ඇත්තේ ද මෙම මොහොමද් බින් සල්මාන් කුමරුටය.

(රොයිටර්)


RECOMMEND POSTS