සෞදි අරාබියේ පොදු සමා කාලයක්



සෞදි අරාබියේවිවිද හේතු මත  අනවසරයෙන් රැදී සිටින විදේශිකයින් පිටුවහල් කිරීම සදහා ඉදිරි දින කිහිපය තුලදී පොදු සමා කාලයක් ලබා දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව විවිද මාධ්‍ය ඔස්සේ තොරතුරු දැන ගන්නට  ඇත. ජනවාරි 13 දින සිට අප්‍රේල් 13 වැනි දින දක්වා හෝ අප්‍රේල් 13 දින සිට මෙම පොදු සමා කාලය ලබා දීමට ඉඩ ඇති බවද වාර්තාවේ .කෙසේ වුවද මෙතෙක් සෞදි අරාබියානු රජය මගින් ඒ පිලිබදව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත. 


අනවසරයෙන් සෞදි අරාබියේ රැඳි සිටින විදේශිකයින් සදහා සෞදි රජය මගින් පොදු සමා කාලයක් ලබා දීම පිලිබදව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ මෙතෙක් සෞදි රජය ඒ පිලිබදව කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.


නිල නොවන ආරංචි මාර්ග වලට අනුව ලබා දෙන තුන් මසක කාලය තුල  අනවසරයෙන් රැදී සිටින සියලුම විදේශිකයින් තම තානාපති කාර්යාලය මගින් ලබාදෙන ලිපි ලේඛන සහිතව ආගමන විගමන කායාල වෙත ගොස් රටින් බැහැරවීම සදහා පහසුකම් ලබා ගතයුතු බවත් එම කාලයෙන් ඔබ්බට රැදී සිටින විදේශිකයින් රැදවුම් කදවුරු ලා නැවත සෞදි අරාබිය වෙත පැමිණිය නොහැකි ලෙස රටෙන් පිටමන් කරන බවත් වාර්තාවේ.


මිට වසර හයකට පමණ පෙරදී සෞදි අරාබියානු රජය මගින් ලබා දුන් පොදු සමා කාලයෙන් අවම වශයෙන් අනවසරයෙන් රැදී සිටි ශ්‍රී ලාංකිකයින් හතලිස් දහසක් වත් ශ්‍රී ලංකාවට යන්නට ඇති බව සදහන්වේ.


ලලිත් ප්‍රේමලාල් 
 


RECOMMEND POSTS