සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්



සෝමාලියාවේ කිස්මාසෝ නුවර සංචාරක හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 43 කි.

සෝමාලි සම්භවයක් ඇති කැනඩා මාධ්‍යවේදිනියක, ඇගේ සැමියා සහ සංචාරකයන් කීප දෙනෙකු මියගිය අය අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බකරු පැමිණ ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය ඇවටූ රථයකිනි. බෝම් ප්‍රහාරයෙන් පසු සංචාරක හෝටලයට වෙඩි තැබීමට ද ත්‍රස්තයෝ කටයුතු කළහ. එය අල් කයිඩා සංවිධානයට සහාය දක්වන අල් ෂෙබාබ් ත්‍රස්ත කල්ලියේ ක්‍රියාවක් යැයි සෝමාලි ආරක්ෂක අංශ චෝදනා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS