සෙල්ෆි ගන්න ගිහින් වැටිලා



වසය අවුරුදු 22ක තරුණයෙකු වන සෞදි ජාතික බක්ර් බසීම් කූජා ඊජිප්තුවේ කයිරෝ අගනුවර සමලෙක් නගරයෙහි පිහිටා ඇති ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිටියදී 16වැනි මහලේ සිටසෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදි සමබරතාවය ගිලිහි යෑමෙන් ඇද වැටී අවාසනාවන්ත ලෙස මියයෑමේ පුවතක් ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව ඊජිප්තු ආරක්ෂක ආංශ නිලධාරියකු  ප්‍රකාශ කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය රෝහලකට යැවු බව පොලීසිය ප්‍රකාශ කල අතර පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සදහා හෝටලයේ සවිකර තිබු ආරක්ෂිත කැමරා වල සටහන්වී ඇති දර්ශන යොදාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS