සෙබළු ඉවත් කර ගන්න පොරොන්දු වුණේ නෑ



දකුණු කොරියාවේ රඳවා ඇති ඇමෙරිකන් සෙබළුන ඉවත් කර ගන්නවා යැයි තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවුණු අවස්ථාවේදී ඔහුට පොරොන්දුවක් ලබා දුන්නේ නැතැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසයි.

කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට, දකුණු කොරියාවේ රඳවා ඇති ඇමෙරිකන් හමුදා බාධාවක් බව පෙනී යන්නේ නම්, ඇමෙරිකන් හමුදා ගෙන්වා ගැනීමට තමන් පසුබට නොවන බව ද ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS