සූ කී චෝදනා ප්‍රතික්ෂේප කරයි



රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන්ට එරෙහිව අපරාධ සිදු කළැයි මියන්මාර හමුදාවට එල්ල වන චෝදනා, මියන්මාර නිල නොවන නායිකාව මෙන්ම එරට විදේශ ඇමැතිවරිය ද වන අවුන් සාන් සූ කී ප්‍රතික්ෂේප කළාය.

මියන්මාර හමුදාව කළැයි පැවැසෙන එම අපරාධ චෝදනා සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ නඩු විභායක් පැවැත්වෙයි. නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ හමුදා ප්‍රධානීහු එම නඩු විභාගයට පැමිණ සිටියහ.

මියන්මාරයේ සුළු ජාතික මුස්ලිම්වරුන් වන්නේ රොහින්ග්‍යාවරුන්ය. මොවුන් ජීවත් වන්නේ රකීන් නමැති පළාතේය. මියන්මාරයේ බහුතරය බෞද්ධ ය. රකීන් පළාත වෙනුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනම පාලනයක් ඉල්ලයි. එම මුස්ලිම්වරුන්ට අන්තවාදී සන්නද්ධ කල්ලිවල ද සහාය හිමිවවෙයි.

හේග් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS