සුළි කුණාටුවක් ජපානය කලඹයි



පැයට කිලෝ මීටර් 216 ක වේගයකින් ‘ජෙබී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ජපානයට කඩා වැදුණි.

මීට පෙර මේ අයුරින් ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ජපානයට කඩා වැදී ඇත්තේ 1993 වසරේදී යැයි ජපාන කාලගුණ බලධාරීහු පවසති.

‘ජෙබී’ පැමිණෙන බව කල්තියා අනතුරු ඇඟවීමට ජපාන කාලගුණ බලධාරීන් පියවර ගැනීමත් සමඟ බටහිර ජපානයේ අනාරක්ෂිත ප‍්‍රදේශවල පදිංචි ලක්ෂ 3 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

එසේ ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු පිරිස අතරින් 2,80,000 ක පිරිසක් ‘කෝබේ’ වරාය නගරයේ වැසියන් යැයි ද පැවැසෙයි. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලෙන්න විය. පළාත් රැුසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. නායයයෑම් සිදුවුණු බවට ද මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවාස සහ ගොඩනැගිලි රැුසකට හානි සිදුවී ඇති නමුත්, ඊයේ (3) සවස් වන විට කිසිදු මරණයක් වාර්කා වී නොතිබුණි. ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුමට බාධා එල්ල වී ඇත. නිවාස දහස් ගණනකට විදුලි බලය නොමැති බව ද පැවැසෙයි. ‘නයෝගා’ සහ ‘ඔසාකා’ නගරව වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා 600 ක් අවලංගු කෙරුණි.

ඊට අමතරව බටහිර ජපානය තෙක් කි‍්‍රයාත්මක මගී පාරු ද අවලංගු කෙරුණි. ගමන් බිමන් කටයුතු ඇණහිටීමත් සමඟ ජපන් වැසියෝ බොහෝ දෙනෙක් පීඩාවට පත් වූහ.

පසුගිය අගෝස්තු 23 වැනිදා ද සුළි කුණාටුවක් ජපානය හරහා හමා ගියේය. සිමරොන් නමැති එම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ. කෙසේ නමුත් මරණ කිසිවක් වාර්තා නොවිණි.

මීට මාස කිහිපයකට පෙර, ජපානය අධික උණුසුම් කාලගුණයකින් පීඩා විඳින්න විය. අධික උණුසුම දරා ගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයෝ 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ජපානයට මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ ඉන්පසුවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS