සුවවුණු රෝගීන්ගෙන් වයිරසය පැතිරෙන්නේ නෑ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූවන්ගෙන්, වයිරසය තව කෙනකුට ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් වරක් කොරෝනා වයිරසය ආසාදනය වූ අයකුට යළි කොරෝනා වයිරසය වැළැඳීමේ අවධානමක් පවතින බව ද චීන ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසා ඇත. ඒ, ජපානයෙන් දෙවරක් කොරෝනා ආසාදනය වූ කාන්තාවක් ගැන වාර්තා වීමත් සමඟය.

බීජිං නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS