සුවය ලැබූවන්ට එක එන්නතයි



'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි ප්‍රංශ සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

වයිරසය වරක් ආසාදනය වූවන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මාස 6 කට පමණක් සීමා වුවත්, එක් එන්නතක් ලබා දීමෙන් එය වර්ධනය කර ගැනීමට හැකි බවත්, යලි වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ඒ අනුව හැකිවනු ඇති බවත් ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

මේ වනවිට එළිදක්වා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ල, මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, වයිරසය ආසානය නොවූ අයට මෙම මාත්‍රා දෙකම ලබා දෙයි.

වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව පමණි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS