සුඩාන ජනපති වසර දෙකක් හිරේ



ජනතා විරෝධතා මැද හමුදා කුමන්ත්‍රණයකින් බලය අහිමි වුණු සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර්ට දෙවසරක සිර දඬුවමක් නියම විය.

ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදීය.

ඕමාර් අල් බෂීර් වසර 30 කට ආසන්න කාලයක් සුඩාන ජනාධිපති ධුරය හෙබවීය. ඔහුට බලය අහිමි වූයේ පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වූ විරෝධතා හේතුවෙනි.

අයථා මුදල් ගනුදෙනු, විදෙස් මුදල් පිරි ගිණුම් පවත්වාගෙන යෑම සහ අල්ලස් ලබා ගැනීම ආදී චෝදනා රැසක් ඕමාර් අල් බෂීර්ට එල්ල වී ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS