සිවු වසරක සෙවිල්ල අවසන්



මැලේසියා ගුවන් සේවයට අයත්, අතුරුදන්වුණු එම්.එච්. 370 මගී යානය සෙවීමේ අරමුණින් පැවැත්වුණු සියලු සෝදිසි කිරීම් මේ වනවිට නිමාවට පත් කර ඇති බව මැලේසියා රජය කියයි.

පුද්ගලයන් 239 දෙනකු සමඟ එම්.එච්. 370 යානය අතුරුදන් වූයේ ක්වාලාලාම්පූර් සිට බීජීං බලා පියාසර කරමින් තිබියදීය. ඒ, 2014 මාර්තු 8 වැනිදාය.

යානය ඉන්දීය සාගරයට වැටෙන්න ඇතැයි අනුමාන කරමින් ජාත්‍යන්තරයේ ද සහාය ඇතිව මැලේසියා රජය සෝදිසි මෙහෙයුම් දියත් කළත්, අද වනතුරු යානය ගැන කිසිදු හෝඩුවාවක් හමුවී නැත. ඒ අනුව එම මෙහෙයුම් සියල්ල මේ වනවිට නවතා දැමීමට මැලේසියානු රජය තීරණය කර ඇත.

(බී.බී.සී)


RECOMMEND POSTS