සිරියාවට සටන් විරාමයක්





බී.බී.සී ඇසුරෙනි........

සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සිරියානු රජය සහ එරට රජය සමඟ සටන් වැදී සිටින කැරලි කණ්ඩායම් සටන් විරාමයක් සඳහා එකඟ වී ඇත

සිරියානු වේලාවෙන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ආරම්භවීමට නියමිතව ඇත.

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් විසින් මෙම සටන් විරාමය නිවේදනය කරනු ලැබූ අතර තුර්කි විදේශ අමාත්‍යංශය එය සනාථ කළේය.

මේ අනුව නියමිත වේලාවෙන් පසුව ගුවන් ප්‍රහාර ඇතුලු සියලුම ප්‍රහාරයන් නතර කෙරෙනු ඇති බව තුර්කිය පැවසීය.
කෙසේ නමුත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඇතුලු ජිහාඩ් කැරලි කණ්ඩායම්වලට මෙම සටන් විරාමය අදාළ නොවේ.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS