සිම්බාබ්වේ හමුදාව බලය අල්ලයි



අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයේ පාලන බලය තමා අතට ගත් බව එරට හමුදාව නිවේදනය කර ඇත.

එය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත්, සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වටා එක්රොක් වී සිටින දූෂණ වංචා චෝදනා එල්ල වුණු ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ගත් පියවරක් ලෙස මෙම බලය අල්ලා ගැනීම සැළකිය හැකි බවත් හමුදාව කියයි.

සිම්බාබ්බේ හමුදාව වෙනුවෙන් මේ බව නිවේදනය කළේ හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් සිබුසියෝ මෝයෝ එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.

1980 වසරේ සිට බලයේ රැඳී සිටින 93 හැවිරිදි සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ සහ ඔහුගේ පවුලේ අයත් යහතින් සිටින බවටත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුනොවන බවටත් හමුදාව සහතික වී ඇත.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ කිසිදු ලේ වැගිරීමකින් තොරව හමුදාව රටේ බලය අල්ලා ගෙන ඇති බවය. ඇතැම් සිම්බාබ්වේ පුවත් සේවා වාර්තා කළේ ජනපති මුගාබේ රැඳවුම්භාරයට ගැනීමට හමුදාව කටයුතු කළ බවය.

(බී.බී.සී.)

 

 


RECOMMEND POSTS