සැමන් ආනයනය තහනම්



සැමන් ඇනේමියා වයිසරය Salmon Anemia Virus (ISAV-HPR0) ෆාරෝ දිවයිනේ පැතිරී යෑම හේතුවෙන් සෞදි බලධාරීන් ෆාරෝ දිවයිනෙන් සැමන් මාළු ආනයනය තහනම් කර ඇති බව අල් රියාද් පුවත්පත වාර්තා කළේය.

සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය (SFDA) අයත් නිල වෙබ් අඩවිය වනwww.sfda.gov.sa හි අදාල තහනම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති අතර ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් මත පදනම්ව අදාළ තහනම පැනවීමට සෞදි බලධාරීන් පියවර ගත්තේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS